ගස් ආරක්ෂා කිරීම

Tuesday, March 27, 2012

ගස් ආරක්ෂා කිරීම

වනාන්තර සුරැකීම පිලිබද පැයක පමණ දේශණයක් කළ

මහාචාර්ය කැලෑසේන හිටි හැටියේම දේශණය නතර කොට

ගැලරියේ සිටි ප්‍රේක්ෂකයන් අමතා.. මේ සභාවේ ඉන්න එක්කෙනෙක් හරි

අපේ ජාතික වන සම්පතක් වන ගස් ආරක්ෂා කිරීමට එක පියවරක්

හෝ ගෙන තිබෙනවාද..? යි ඇසීය.

සභාව නිරුත්තර වී මහා නිශ්ශබ්දයක් ඇති විය.

එහෙත් ඈත කෙළවරේ නැගිට..

මම සතියකට කලින් කොට්ටෝරුවෙකුව කැටපෝලෙන්

විදල මරල දැම්මා.යි

සිහින් හඩින් කීවේය