මාමණ්ඩී වෙත ලියමි

Monday, June 12, 2017

මාමණ්ඩී වෙත ලියමි

මම ඔබගෙන් ලබාගත් Daughter ඩිවයිස් එක girl friend2.1 සිට wife1.0 දක්වා update කළෙමි. -_-
නව update කිරීමත් සමග ඇතිවූ තාක්ෂනික දෝෂ කිහිපයක් පිළිබදව දැනුවත් කිරීමේ අරමුනින් මෙසේ ලියමි.
girl friend 2.1 ඇති විට Device එක හුරුබුහුටි ස්ලිම් පෙනුමක් ගත් නමුදු wife ඇති විට එය එසේ නොමැත.එය මදක් බැරැල් හැඩයක් ගෙන ඇත. -_-
රත් වීමද වැඩි අතර control කිරීමටද අපහසුය.නිතරම කුණු කුණු ගෑම විශේෂ දෝෂයකි.Volume controlද නැති අතර sound ඉතා වැඩිය -_-
කනක් ඇසීමටවත් නැත.
girl friend2.1 ඇති විට jewellery,saari වැනි apps සදහා වැයවූ Deta ප්‍රමාණය මදක් අඩුවූ නමුත් wife ඇති විට හෙන ගහන ඩේටා ප්‍රමානයක් වැයවේ.
saari app එක on වු පසු Jewellery app එක auto open වී saari app එක සමග auto Run කරයි -_-
මෙය මහත් දෝශයකි.
Tears වැනි app Run කිරීමට පටන් ගත් පසු එය නවත්වා ගැනීමට Option එකක් නොමැති වීම පට්ටම අවුලකි. -_-
ෆුල් මාවලස් ලයිෆ් එකක් ගත කළ මා දැන් කොර වී ඇත.

ඔබ මේ සම්බන්දයෙන් ටෙක් එක්ස්පර්ට් කෙනෙක් බව දනිමි.සොෆ්ට්වෙයා reverse update කිරීමද අපහසු බව පැහැදිලිය.
වරින් වර මා ඩේටා upload කිරීම් කිහිපයක් සිදු කල නමුදු ඒ සදහා virus guard එකක් පැලැදුවෙමි.ඒ නිසා බය වීමට නම් කරුණක් නැත B-)
හැකිනම් ඔබගේ Daughter 2 ඩිවයිස් එක මේ වෙනුවට ලබා දෙන්න :3

මීට,
බෑනා.

පගාව

Tuesday, March 27, 2012

පගාව

මොකද මහත්තයා මට එවපු රාජකාරී ලියුමේ පගාව

රුපියල් 1000ක් ගෙවන්න කියලා. ලියලා තිබුණේ

දැන් මහත්තයා ප්‍රසිද්ධියෙම පගාව ඉල්ලනවද..?

පිස්සුද හලෝ.. දැන් හැම දෙයක්ම ලියන්නේ කෙටියෙන් නේ

: රීක්ෂණ ගා: ස්තු : ශයෙන් කියල ලියල තියෙන්නේ

නිළධාරියා පැවසුවේ කපටි සිනහවකින් මුව සරසා ගනිමිනි.

සුළු පැමිනිල්ල

සුළු පැමිනිල්ල

මොකද්ද පැමිනිල්ල..

සුළු පැමිනිලි අංශයට පැමිණි ජයන්තගෙන්

පොලිස් කොස්තාපල් ඇසුවේය..

සුළු ප්‍රශ්ණයක් සර් ජයන්ත කීවේය..

සුළු ප්‍රශ්ණයක් නම් පොලිසියට ආවේ ඇයි මිනිහෝ..

පොලිස් කොස්තාපල් කීවේ කොපයෙනි.

එහෙනම් මෙතන සුළු පැමිනිලි අංශය කියලා

ගහල තියෙන්නේ..

මොන බම්බුවකටද සර්..

ජයන්ත ඇසුවේ ඊටත් වඩා කෝපයෙනි

වංගෙඩිය

වංගෙඩිය

විනිසුරු- යුෂ්මතිය තමන්ගේ විවාහක ස්වාමි

පුරුෂයාට මෝල් ගසකින් පහර දුන්නේ ඇයි..?

සැකකාරිය- ස්වාමීණි ඒ වෙලාවෙ වංගෙඩිය

උස්සගන්න බැරි උනා

ගස් ආරක්ෂා කිරීම

ගස් ආරක්ෂා කිරීම

වනාන්තර සුරැකීම පිලිබද පැයක පමණ දේශණයක් කළ

මහාචාර්ය කැලෑසේන හිටි හැටියේම දේශණය නතර කොට

ගැලරියේ සිටි ප්‍රේක්ෂකයන් අමතා.. මේ සභාවේ ඉන්න එක්කෙනෙක් හරි

අපේ ජාතික වන සම්පතක් වන ගස් ආරක්ෂා කිරීමට එක පියවරක්

හෝ ගෙන තිබෙනවාද..? යි ඇසීය.

සභාව නිරුත්තර වී මහා නිශ්ශබ්දයක් ඇති විය.

එහෙත් ඈත කෙළවරේ නැගිට..

මම සතියකට කලින් කොට්ටෝරුවෙකුව කැටපෝලෙන්

විදල මරල දැම්මා.යි

සිහින් හඩින් කීවේය

උසම කන්ද.

උසම කන්ද.

ලංකාවේ උසම කන්ද මොකද්ද..?

ගුරුතුමිය විමසුවේ සිරිපාලගෙන්ය..

දන්නෙ නෑ ටීචර්..ඔහු කීවේය..

දවල් තිස්සෙම නටනවා

පාඩමකට ඇහුම්කන් දෙන්නෙ නෑ..

නගිනවා පුටුව උඩට..

ගුරුවරිය කෝපයෙන් කීවාය..

එතකොට ලංකාවේ උසම කන්ද පේනවද ටීචර්

සිරිපාල ඇසුවේ අහිංසකවය.

පනස් දහස.

පනස් දහස.

යුෂ්මතා ගෙයක් බිදලා රුපියල් ලක්ෂයක් ගත්ත නේද..?

විනිසුරු විත්ති කරුගෙන් විමසීය..

මොන බොරුද හාමුදුරුවනේ එතන තිබ්බේ රුපියල්

පනස්දිහයිනෙ..

විත්තිකරු කෝපයෙන් කීවේය.