උපදෙස

Thursday, November 24, 2011

උපදෙස

"අයිසේ ගෑනු එක්ක නිකන්ම යාලු වෙන්න බෑ. දැක්කම මොනවා හරි කතා කරන්න ඕනෑ. අහනවා ඔය බැඳලද? ළමයි එහෙම කී දෙනක් ඉන්නවද?" කියල "අන්න එහෙම"
ඔහුට මිතුරෙකුගෙන් උපදෙස් ලැබිණි.
එදා ඔහුට හමුවූ පළමු ස්ත්‍රියගෙන් ඔහු "ඔය බැඳලද?" යි ඇසීය
නෑ
ළමයි කීදෙනක් ඉන්නවද?
ඇයගෙන් කුඩා පහරක් කාගෙන ඔහු මිත්‍රයා ලඟට ගොස් කරුණු සැල කළේය.
"අයිසේ තමුසේ වැරදි ප්‍රශ්නෙනේ ඉස්සෙල්ල අහල තියෙන්නේ" යැයි මිතුරා ඔහුගේ වරද හරි ගැස්සීය.
ඊළඟ දිනයේදී ඔහුට හමුවූ පළමු ස්ත්‍රියගෙන් ඔහු මෙසේ ඇසීය.
"ඔයාට ළමයි කීදෙනෙක් ඉන්නවද?"
හතර දෙනයි
ඔයා බැඳලද?
යලිත් කුඩ පාර!