වැඩිය වදින්නේ මොනවයින් ද?

Saturday, October 8, 2011

වැඩිය වදින්නේ මොනවයින් ද?


සුසන්ත, අජිත් සමග අවන්හලින් පිටතට පැමිණියේ හොඳ පදමට රත්වීමෙන් අනතුරුවය. නිවෙස් බලා යාමට බස් නැවතුම් පළ වෙත ඔවුන් දෙදෙනා ගියේ විසිවෙමිනි. එසේ යමින් සිටියදී සුසන්ත අජිත් ගෙන් මෙසේ ඇසීය.
‘මචං අජිත්, උඹට වැඩියෙන් වදින්නේ ගල්වලින් ද එහෙම නැත්තං පොල් වලින් ද?’
අජිත් පියවෙන තම දෑස් අමාරුවෙන් හැර මෙසේ පිළිතුරු දුන්නේය.
‘බාර් එකේදි නම් ගල්වලිනුත් වදිනවා, පොල්වලිනුත් වදිනවා. ඒත් ගෙදරදි වදින්නේ පිඟන්වලින්.’