කැළෑ උණ

Friday, October 14, 2011

කැළෑ උණ
තැපැල් සේවය පටන් ගත් මුල් දවස් වල වෙච්ච දෙයක් තමා මේ...
ඔන්න දවසක් ගමේ ඉස්කෝලේ මුල් ගුරුතුමාට ටෙලිග්‍රෑම් එකක් ආවලු.
ඒකෙ තිබිලා තියෙන්නෙ මෙහෙම.
"අම්මට කෙල උනා,වහාම එන්න!"
දැන් මේක කියවලා ගුරුතුමා ට හොඳටම මල පැන්නා.
වෙච්ච කරදරේටත් වඩා මේක එවපු එකාට කෙලවන්න හිතුනා.
ගුරුතුමා එදාම ගෙදර ගියා...
ගිහින් බලද්දි අම්මට වෙන කරදරයක් නෑ..

කැළෑ උණ ( මැලේරියා ) හැදිලා ඉස්පිරිතාලෙ නවත්වලාලු
කැළෑ උණ (kela una) කියන එක ඉංග්ලිශ් කෝඩ් වලින් අනික් තැපැල් කාර්යාලයට යද්දි එහෙන් කියවිලා තිබුනෙ( කෙල උනා ) කියල.මුල් කාලයේ කෝඩ් වලින්ලු ටෙලිග්‍රෑම් යැව්වෙ.