සින්දුවේ තරම

Friday, October 7, 2011

සින්දුවේ තරම

’මං ඔයාට CD එකක් ගන්ඩ කියල දීපු සල්ලි අරන් බාර් එකට රිංගුවා නේද? මට ආරංචියි බාර් එකේදි අන්තිමට වමනෙත් දැම්මා කියල.’ දයා තම සැමියා ගෙදරට පය තැබූ වහාම කඩා පැන්නාය.
’රෙකෝඩ් බාර් එකට නොගොහින් CD ගන්නෙ කොහොමද හලෝ?’ ප්‍රේමරත්න කිසිදු වෙනසක් නොපෙන්වා කීවේ අතකින් කොන්ඩය පිටුපසට පීරමිනි.
’හොඳයි එතකොට වමනෙ කළේ?’
’ආ, ඒ අර CD එකේ තිබුණු අලුත් සින්දුවක් අහලනෙ’ ප්‍රේමරත්න ඇඟට පතට නොදැනී පිළිතුරු දුන්නේය.