නරක වෙලාව

Saturday, October 15, 2011

නරක වෙලාව
සුනිල් දිනක් රාජකාරී වැඩකට පිට පලාතකට ගියේය. ඔහුට වේලාව දැනගැනීමට අවශ්‍ය විය. ඒ නිසා පාරේ බයිසිකලයක් පැදයමින් සිටි කෙනෙකුගෙන් දැන් වෙලාව කීයද? කියා ඇසුවේය. එවිට බයිසිකලය පැද යමින් සිටි තැනැත්තා බයිසිකලය ලග වූ කණුවකට හේත්තු කොට තම අතවූ ඔරලෝසුවෙන් වෙලාව බලා සුනිල්ගේ කන හරහා අත දිග හැර පහරක් එල්ල කොට යලිත් බයිසිකලයේ නැගී යන්නට ගියේය. සිදුවූ දේ හිතා ගැනීමටවත් බැරිවූ සුනිල් වේදනාවෙන් තම කන අත ගගා සිටියේය. සිදුවූ සියල්ල බලා සිටි කෙනෙක් සුනිල් ලගට පැමිණ මෙසේ ඇසුවේය.

" මහත්තයා මොකද වුණේ. ඇයි මේ කන අත ගගා ඉන්නේ."
සුනිල් ලැජ්ජාවෙන් මෙන් " බලන්නකො මම අර බයිසිකලයෙන් ගිය මිනිහගෙන් වෙලාව ඇහුවා. මිනිහා ඔරලෝසුව දිහා බලලා මට කනට ගැහුවනෙ."

එවිට ඔහු " මම බලන් හිටියෙ. ඒ මිනිහගෙ හැටි වෙලාව අහන හැමෝටම අතින් තමයි උත්තර දෙන්නෙ. මහත්තයට මිනිහා කී පාරක් ගැහුවද?"

සුනිල් " මට එක පාරයි ගැහුවෙ." යැයි කීවේය.

එවිට අනෙක් මිනිසා මෙසේ කීවේය.
'' එහෙනම් වෙලාව එකයි. හැබැයි මහත්තයා තව පැයකට කලින් වෙලාව ඇහුවනම් මහත්තයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න වෙනවා"