පහළින් ඉහළටම

Saturday, October 15, 2011

පහළින් ඉහළටම


‘චතුරංග, උඹ දැන ගනින්. මම මේක කියන්නෙ බොහොම ආඩම්බරයෙන්. මම බොහොම පහළින් රස්සාව පටන් අරන් ඉහළටම ආපු මිනිහෙක්, හරි ද?’ අජිත් තම මිතුරු චතුරංගට කීවේ බාර් එකේ අඩියක් ගසමින් සිටියදීය.
‘ඒ කියන්නෙ?’ චතුරංග විමසුවේ, අජිත් කී දෑ හරිහැටි නොතේරුණු බැවිනි.
‘ඒ කියන්නෙ මුලින්ම මම සපත්තු පොලිෂ් කළා. දැන් කොණ්ඩේ කපනවා.’ අජිත් ආඩම්බරයෙන් කීය.