මාන්නය

Tuesday, March 27, 2012

මාන්නය

ඔහු ප්‍රසිද්ධියට පත්ව සිටියේ කළුපටි ධාරී කරාටේ ශුරයෙකු

ලෙසයි. වරක් ඈත පලාතක කරාටේ සංදර්ශණයකට

සහභාගී වීමට ඔහුට දුම්රියෙන් යාමට සිදුව තිබුනා. ඔහු

දුම්රිය පොලට ගියේ තරගයට අදින කරාටේ ඇදුමත් අතේ රුවාගෙනය

දුම්රිය එනතුරු මග බලා සිටි ඔහුට හදිසි ශාරිරික අවශ්‍යයතාවක්

ඇතිවුනා. දුම්රියපොල වැසිකිලි වෙත ඔහු ලගාවුනේ අවශ්‍යතාව

ඉටු කරගන්න.ඒත් අතේ රුවාගෙන සිටින කරාටේ කබාය

බිම ගෑවෙන බැවින් වැසිකිලිය එය ගෙනයාම සුදුසු නොවන බව

ඔහුට වැටහුණා. දුම්රිය විවේකාගාරය වෙත ගිය ඔහු එහි

තිබූ ඇදුම් එල්ලන කොක්කක කබාය එල්ලුවා.ඉන් පස්සෙ

කොල කෑල්ලක යමක් ලියා කබායේ දවටල වැසිකිලි ගියා

මේ කබාය ප්‍රසිද්ධ කරාටේ ශුැයෙකු සතුය විනාඩියකදී

ඔහු ආපසු පැමිනෙනු ඇත.. එහි සදහන්ව තිබුණා..

අවශ්‍යතාව ඉටු කරගෙන ආපසු එන ඔහුට දක්නට ලැබුනේ

එල්ලා ගිය කොළ කෑල්ලක් පමණයි.

එහි මෙසේ ලියා තිබුණා..

ප්‍රසිද්ධ ධාවන ශුරයෙකු විසින් කබාය රැගෙන ගියා

ඔහු නම් ආපසු පැමිනෙන්නේ නෑ..