ඒක තමයි තියා ගත්තේ

Friday, October 7, 2011

ඒක තමයි තියා ගත්තේ

වසර ගණනාවක්‌ තිස්‌සේ අඩු වැටුපකට සේවය කළ අයෙකු සිය වැටුප වැඩි කරන ලෙස ප්‍රධානියාගෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමෙන් ආයතන ප්‍රධානියාගේ මුහුණ අප්‍රසන්න වන අයුරු ද ඔහු දුටුවේය.

"සර්......... මම මෙතැනට සේවයට ඇවිත් අදට අවුරුදු දහයයි. මේ දක්‌වා කිසිම දිනක පඩි වැඩි කරන්න කියා මම ඔබට කරදර කරලා නැහැ."

"ඒ නිසා තමයි තමුසෙ මෙච්චර කල් තියා ගත්තෙ." ආයතන ප්‍රධානියා කියාගෙන ගියේය.