සිගරැට්‌ කොට!

Friday, October 7, 2011

සිගරැට්‌ කොට!

මිනිසෙකු රාත්‍රි දුම්රිය පැමිණෙනතුරු මඟි කාමරයෙහි රැදී සිටියේය.

"මේකෙ සිගරැට්‌ බොන්න පුළුවන් කාමරයක්‌ද?" ඔහු එහි සිටි සේවකයකුගෙන් විමසුවේය.

"බැහැ මේ කාමරයේ සිගරැට්‌ බොන්න බැහැ.."සේවකයා පිළිතුරු දුන්නේය.

"එහෙනම් මේ කාමරයේ මේ තරම් සිගරැට්‌ කොට ගොඩක්‌ තියෙන්නේ." මඟියා ඇසුවේය.

"ඒ ඔය ප්‍රශ්නෙ අහපු නැති අය දාපු සිගරැට්‌ කොට....." සේවකයා පිළිතුරු දුන්නේය