ඉල්ලගෙන කෑම

Saturday, October 15, 2011


ඉල්ලගෙන කෑම

සුනිල් දිනක් පාරේ ගමන් කරන විට කුඩා දරුවකු නිවසක විදුලි සීනුව නාද කිරීමට මහත් පරිශ්‍රමයක් ගනු දුටුවේය. නමුත් දරුවාගේ උස අඩු නිසා ඔහුට එය කල නොහැක. එනිසා ඔහු ගැන අනුකම්පා කළ සුනිල් සීනුව නාද කර දුන්නේය. එවිට දරුවා සිනහවී මෙසේ කිව්වේය.

" අන්කල්, දුන්න හෙල්ප් එකට නම් බොහොම ස්තුතියි. දැන් ඉතින් ගෙදර කට්ටිය එන්න කලින් අන්කල් දුවන්න. මටනම් දුවන එක අවුලක් නෑ." මෙසේ කියමින් කුඩා දරුවා වේගයෙන් දිව්වේය.