වෙන මොනවා කියන්නද

Friday, October 7, 2011


වෙන මොනවා කියන්නද?


හරමානිස් කරත්තය දක්කාගෙන මහ පාරේ යද්දී පිටුපසින් වේගයෙන් පැමිණි රියක් කරත්තයේ පැත්තක තදින් ගැටුණි. කරත්තයේ ඇන්දක් තදින් අල්ලාගෙන සිටි බැවින් බිම නොවැටී බේරුණු හරමානිස් බිමට පැන්නේ කෝපයෙනි. චප්ප වී ගිය කරත්තය දෙස බැලූ හරමානිස් මෝටර් රථයේ රියාදුරු වෙත ගොස් මෙසේ ඇසීය.
“මහත්තයා තමුසෙ මගෙ කරත්තෙට මොකද කියන්නෙ?”
“මොනවා කියන්නඩද ලොකු උන්නැහේ, කරත්තෙට කරත්තෙ නොකියා.” රියැදුරා කීවේ සෝපහාසයෙනි