ඒ විතරක් නෙමෙයි

Friday, October 7, 2011

ඒ විතරක් නෙමෙයි

මගුල් කපුවකු ගෙනා යෝජනාවක් අනුව ලසිත, ඔහුත් සමඟ මනාලියක් බලන්නට ගියේ ය. මනාලියගේ මව සහ පියා මනාලයා සාදරයෙන් පිළිගෙන සාලයේ හිඳුවා, ආගන්තුක සත්කාර කොට ආගිය තොරතුරු කතා කරන්නට වූහ.
මනාලයාගේ වතගොත තවදුරටත් දැනගැනීමේ අටියෙන් මනාලියගේ පියා මනාලයා දෙස බලා සිනාසී මෙසේ ඇසීය.
“මේ මහත්තයාට අයිති කඩයක් පිටකොටුවේ තියෙනවා කිව්වා නේද?”
මනාලයා කට හරින්නට පෙර කපුවා ඉදිරියට පැන්නේ ය.
“එක කඩයක් නෙමෙයි. මේ මහත්තයාට පිටකොටුවේ කඩ පේළියක්ම තියෙනවා.”
“එහෙම නං ඉතින් බැංකුවෙත් සල්ලි ගොඩක් නැතැයි” මනාලියගේ පියා කීවේ සතුටිනි.
“එක බැංකුවක නෙමෙයි බැංකු හත අටකම මේ මහත්තයා ගෙ සල්ලි ගොඩ ගහල තියෙන්නෙ.” කපුවා පිළිතුරු දුන්නේ ආඩම්බරයෙනි.
කපුවා කටේ තොලේ නොගැවී ඇද බාන බේගල් අසා සිටිය නොහැකිව ලසිත මඳක් උගුර පාදා කැස්සේ ය.
‘මොකෝ මහත්තයට කැස්ස හෙම්බිරිස්සාවද?” පියා ඇසීය.
“කැස්ස හෙම්බිරිස්සාව විතරක් නෙමෙයි අපේ මහත්තයට කාසෙත් තියෙනවා” කපුවා ආඩම්බරයෙන් කීය.