Friday, October 7, 2011
එකමුතුවේ තරම
‘එකමුතුවේ’ මාසික රැස්වීම සහ පි‍්‍රය සම්භාෂණය මෙවර පැවැත්වීමට නියමිත වූයේ සභාපති නිහාල් ගේ නිවෙසේ දී ය. එහිදී නිහාල් ගේ හුරුබුහුටි කුඩා පුතු ළංකරගත් එකමුතුවේ කාන්තාවෝ කීප දෙනෙක් පොඩි එකා හුරතල් කරමින් සිටියෝ ය.
“ඔයා ගෙදර වැඩ වලදී අම්මිට උදව් කරනවද පුතා?” ශ්‍රියානි කොලු පැටියාගේ හිස අතගාමින් ඇසුවේ අනෝමා දෙස බලා සිනා වෙමිනි.
“ඔව් අදත් අම්මා මට ලොකු වැඩක් භාරදීලයි තියෙන්නෙ.”
“මොකක්ද පැටියෝ ඒ ලොකු වැඩේ” පුංචිලා ඇසුවා ය.
“ඇන්ටිලා අන්කල්ලා ඔක්කොම ගියායින් පස්සෙ මේසෙ හැඳි ඔක්කොම හරියට තියෙනවා ද කියල ගණන් කරල බලන්ඩයි කියල අම්මි මට කිව්වා” පොඩි එකා ගිරවකු මෙන් කිව්වේ ය.