ගැහැනු පිරිමි වෙනස

Friday, October 7, 2011

ගැහැනු පිරිමි වෙනස

තම නිවෙසේ මැසි උවදුර දැරීමට නොහැකි තරම් උත්සන්න වූයෙන් හැකි තරම් මැස්සන් මරා දැමීමට කරු සහ අමිතා කතිකා කර ගත්හ.
“මේ කරූ, ඔයා දැන් කී දෙනෙක් මැරුවද?” අමිතා ඇසුවේ ‘රාජකාරිය’ අරඹා පැය භාගයකට ආසන්න වෙද්දී ය.
“ඔක්කොම හතයි, හතර දෙනෙක් පිරිමි. තුන් දෙනෙක් ගෑනු” කරු කීවේය.
“මොනවා...? ඔයා කොහොමද අනේ දන්නෙ උන් ගෑනු සත්තු ද පිරිමි සත්තු ද කියලා?” අම්තා ඇසුවේ විශ්මයෙනි.
“අපොයි ඒක සුළු දෙයක් නෙ. හතර දෙනෙක් සීනි බෝතලේ උඩ වහල හිටියා. තුන් දෙනෙක් හිටියෙ කණ්ණාඩිය ඉස්සරහ” කරු පිළිතුරු දුන්නේ ය.