බබාට බිල්ලෙක්‌ ඕනෙවෙලා

Friday, October 7, 2011

බබාට බිල්ලෙක්‌ ඕනෙවෙලා

කුසුමාවතී මුණුපුරන් එක්‌ක කඩයට ගියා. පොඩි ළමයි දකින දකින දේ ඉල්ලනවනෙ. එහෙම ඉල්ලපු දෙයක්‌ දෙන්නෙ නැතිව මේ පොඩිඑකා අඬනවා. අඬන දරුවව අතින් ඇදගෙන නලවගන්න නොයෙක්‌ දේ කියමින් කුසුමාවතී ආපහු ගෙදර එනවා. මැගි ආච්චිව හම්බ වුණේ ඔය එන අතරතුරේදී.

"මොකද බං කුසුමො ඔය දරුව අඬන්නෙ..."

"දන්නෙ නැද්ද මැගි නැන්දෙ... කඩේට ගිහින් දකින දකින දේ ඉල්ලනවනෙ..."

දරුවාගේ ඇඬීම නතර කරන අදහසින් මැගි ආච්චි දරුවගෙ ඔළුව අතගාමින් මෙහෙම කිව්වා.

"අඬන්න එපා මගෙ රත්තරං පුතේ දැන් ඩිංගකට කලිං ගෝනි බිල්ලෙක් මෙතන හිටිය."

දරුවා තවත් හයියෙන් විලාපදෙමින් හඬන්නට විය. "ඒ සැරේ මොකද මේ බෙරිහං දෙන්නෙ"යි කුසුමාවතී දරුවගෙන් ඇහුව.

"මට ගෝනිබිල්ලව පෙන්නන්න. මම කවදාවත් දැකල නෑ. මට ඌව පෙන්නන්න" කියමින් දරුව තව තවත් හඬන්නට විය.