Friday, October 21, 2011
ඉතුරුවේ තරම !
’මම දැන් පැය භාගයක් තිස්සේ බලාගෙන ඔයා එක සිගරට් එකකින් අනිත් සිගරැට් එක පත්තු කරගන්න හැටි. අනේ ඇත්තට මනුස්සයෝ, ඔයා ඔය විදියට මාසෙකට කොයිතරම් මුදලක් නාස්ති කරනවද?” කොළඹගේ ගේ බිරිඳ පත්තරයක් කියවමින් සිගරට්ටුවක් උරනා තම සැමියා දෙස අවඥාවෙන් බලා කට ඇද කොට කීවාය.
”ඔන්න ඕකනෙ ඩල්සි වැරැද්ද. ඔයගොල්ලෝ ඕන දේක වැරදි පැත්තමනෙ බලන්නෙ. ඔයා හිතුවේ නෑ නේද මට ගිනිපෙට්ටිවලට යන සල්ලි සම්පූර්ණයෙන්ම ඉතුරුයි කියලා.” සිගරට් කහට බැඳී අවපැහැ ගැහුණු දත් පෙන්නා සිනාසෙමින් කොළඹගේ කීවේය.