හොඳ නැත්තෙ මොනවද?

Friday, October 21, 2011

හොඳ නැත්තෙ මොනවද?
”ඔහේලගෙ සාප්පුවෙන් අපි අරගත්ත රත්තරන් බඩු බාලයි. අපි කැමැති නෑ ඒ වගෙ බඩු පාවිච්චි කරන්ඩ. කරුණාකරලා මේවා ආපහු අරගෙන අපිට සල්ලි දෙන්ඩ.” තමා රන් බඩු මිලදී ගත් සාප්පුවට ගොඩවැදුණු අනුලා සහ චම්පා එහි කළමනාකරු හමුවී කීවෝය.
”අපි එහෙම පොරොන්දු වෙලා නැහැනෙ නෝනා” කළමනාකරු කාරුණිකව ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
”මොකද නැත්තෙ? මේ බිලේ තියෙන්නේ ලොකු අකුරෙන් මුද්‍රණය කරලා, ‘හොඳ නැත්නම් මුදල් ආපසු දෙනු ලැබේ’ කියලා” අනුලා කළමනාකරුගේ මුහුණට බිල්පත පෑවේ තරහිනි.
”ඒක හරි නෝනා. නෝනා දුන්න සල්ලි ආපහු දෙන්න ඒවයෙ වැරැද්දක් තිබුණෙ නැහැනෙ” කළමනාකරු සිනාසෙමින් කීවේය.