Friday, October 21, 2011
දෙන්නෙක් නෙමෙයි
මධුසමය ගතකිරීම සඳහා තානායමට ගිය නිලංක සහ මනෝරි නාන කාමරයට වැදී ඇඟපත සෝදාගෙන අවුත් තමන්හට වෙන් වූ කාමරයේ එක් පසෙක ගලා යන ගඟකට මුහුණලා සාදා තිබූ බැල්කනියේ එක ළඟ තබා තිබූ සුවපහසු පුටු දෙකක වැතිරුණහ.
’මින් පස්සෙ ඔයයි මමයි දෙන්නෙක් නෙමෙයි, එක්කෙනෙක්’ මනෝරිගේ මුහුණට එබුණු නිලංක ඇගේ දෑත් වැලඳ ගනිමින් කීවේය.
’ඒක මං දන්නව. ඒ වුණාට රෑ කෑම දෙන්නෙකුට ඕනෙ කියල ඕඩර් කරන්න.’ මනෝරි කීවාය.