බල්ලා කයිද?

Friday, October 7, 2011

බල්ලා කයිද?

දිනක් කාර්යාලය වැසූ පසු මංජුල තම නිවෙසට ගියේ තම කාර්යාලයීය මිතුරු චන්ද්‍රසේන ද කැටිවය. දෙදෙනා ගේට්ටුව හැර වත්ත ඇතුළු වත්ම බල්ලෙක් බුරාගෙන ආවේය.
’බල්ලා කයිද?’ බියපත් වූ චන්‍ද්‍රසේන ඇසුවේ අඩියක් ආපස්සට තබමිනි.
’මටත් බලාගන්ඩ ඕනැ ඒකම තමයි. මම මූව ගෙනාවේ ඊයෙ.’ මංජුල කීවේය.