Friday, October 7, 2011
ගහට නොගොස් කුරුම්බා බීම
සිරිසේන හා පියසේන යන දෙදෙනා මානසික රෝහලේ ප්‍රතිකාර ලබන ගජමිතුරන් දෙදෙනෙකි. දිනක් මේ දෙදෙනා මධ්‍යම රාත්‍රියේ වාට්‌ටුවෙන් පිටතට පැමිණ මුර කුටියට පැමිණි අතර ඒ වන විට ගේට්‌ටුව වසා දමා මුරකරුද තද නින්දේ පසුවිය.
මුරකරුට නොදැනෙන සේ ඔහු ළඟ තිබූ කෑලි පහේ එවරෙඩි ටෝච් එකද ගෙන ගේට්‌ටුවෙන් එළියට පැනගත් සිරිසේන හා පියසේන පාර දිගේ මඳ දුරක් ඉදිරියට පැමිණ ඉතා උස පොල්ගස් කීපයක් ඇති තැනක නතර විය.
විදුලි පන්දම පොල් ගහේ කරටියට අල්ලා බැලූ ඔවුනට කුරුම්බා බීමට අදහසක් ඇතිවිය. දෙදෙනාම සාකච්ඡා කළ ද ගහ උස බැවින් ගසට නැගීමට කෙනෙක් නැති විය. මඳක් කල්පනා කළ සිරිසේන හොඳ අදහසක් ගෙනාවේය. "මම මේ ටෝච්එක අරගෙන බිම වාඩිවෙලා හැඩේට හිටින්න කුරුම්බා ඉත්ත අල්ලගෙන ඉන්නවා. උඹ එළිය දිගේ දුවගෙන ගිහිල්ල ගෙඩි දෙකක් කඩාගෙන දුවගෙන වරෙන්." මුලින් අදහසට කැමැති වූ පියසේන මඳක් නිහඬව සිට ඊට විරුද්ධ විය. "අනේ පලයං යන්න මම උඹේ ගැට වලට අහුවෙන්නෙ නෑ. මම ගහට දුවල ගෙඩි දෙක කඩාගෙන එනකොටම උඹ ටෝච් එක නිව්වම මට මොකද වෙන්නෙ. දඩස්‌ගාල බිමට වැටිල අතපය කැඩිල යනවනෙ..." යි කීය.