ඒක තමයි

Friday, October 7, 2011

ඒක තමයි!

එක්‌තරා සෙබළකු අසාමාන්‍ය අන්දමින් හැසිරෙන අයුරු හමුදා ප්‍රධානියා දුටුවේය.

සෙබළා කඩදාසි කැබලි අහුලා ඒ දෙස බලා යමක්‌ කියවා, යළි ඒ දෙස රවා බලා "ඒක නෙවෙයි" යනුවෙන් පවසා විසි කරනු දුටු හමුදා ප්‍රධානියා ඔහුව මනෝ වෛද්‍යවරයකු වෙත යවා පරීක්‌ෂා කර බැලුවේය.

ඔහු මානසික රෝගියකු බවත් සේවයට නුසුදුසු බැවින් සේවයෙන් ඉවත් කිරීම සුදුසු බවත් මනෝ වෛද්‍යවරයා වාර්තා කර තිබිණි.
ඒ අනුව ඔහු සේවයෙන් ඉවත් කෙරෙන බැව් සඳහන් ලිපිය හමුදා ප්‍රධානියා ඔහු අතට පත් කළේය

බිම වැටුණු එම ලිපිය අහුලා ගත් සෙබළා කලින් කළාක්‌ මෙන්ම ඒ දෙස බලා යමක්‌ කියවා යළි ඒ දෙස බලා රවා බලා "ඒක නොවෙයි" වෙනුවට "ඒක තමයි" යනුවෙන් උස්‌ හඬින් පැවසුවේය.