Friday, October 7, 2011
ඇඟට අත තියන්න එපා!
මිතුරන් තිදෙනකු බෝට්‌ටුවක නැගී විලක මාළු බාමින් සිටියහ.හිටි හැටියේ ඔවුන්ගේ බෝට්‌ටුව තුළින් ලස්‌සන සුරංගනාවියක් මතු විය.
"ඔබට වුවමනා ඕනෑම දෙයක් මට ලබා දෙන්න පුළුවන්" සුරංගනාවිය ප්‍රකාශ කළාය.
"මගෙ මේ කොන්දෙ අමාරුවක් තියෙනවා. මම හරිම දුකක් විඳින්නේ. මට ඒක සනිප කරලා දෙන්න." පළමුවැනි මිතුරා ඉල්ලා සිටියේය.
සුරංගනාවිය ඔහුගේ පිට අතගෑවාය. මොහොතකින් ඔහුට පූර්ණ සුවය ලැබිණි.
"මගෙ ඇස් පෙනීම ටිකක් දුර්වලයි. මට ඒක සනීප කරල දෙන්න." දෙවැනි මිතුරා සිය ඉල්ලීම ඉදිරිපත් කළේය.
සුරංගනාවිය කිසියම් වදනක් පවසමින් ඔහුගේ දෑස් ස්‌පර්ශ කළා පමණි. ඔහුගේ ඇස් පෙනීම යථා තත්ත්වයට පත් විය.
"දැන් තමා මගෙන් බලාපොරොත්තු වන උදව්ව මොකක්‌ද?" මෙසේ ඇසූ සුරංගනාවිය තුන්වැනි මිතුරාගේ පිටට තට්‌ටු කිරිමට සැරසුණා පමණි.
"හා....... හා........ මගෙ ඇඟට අත තියන්න එපා. මම ආබාධිත දීමනාව මාසිකව ලබන කෙනෙක්."
එසේ පැවසූ ඔහු බෝට්‌ටුවෙන් පිටතට පැන්නේය.