රෑට වතුර පුරවනවා

Friday, October 7, 2011

රෑට වතුර පුරවනවා!

මහමඟ ගමන් කරමින් සිටියදී එක්‌තරා මෝටර් රථයක්‌ මඩ වළක එරී ගියේය.

උදැල්ලක්‌ ද කර තබා ගත් ගොවියෙක්‌ එතැනට පැමිණ මෝටර් රථය මඩවළෙන් ගොඩට ගැනීමට උපකාර කළේය. ඒ සඳහා ගාස්‌තුව වශයෙන් රුපියල් 100 ක්‌ අවශ්‍ය බව ද ඔහු කියා සිටියේය.

"මං මේ අද ගොඩ ගත්තු දහවැනි කාර් එක." ගොවියා මහත් ආඩම්බර ලීලාවකින් එසේ පැවසීය.

"එතකොට ඔහේ ගොවිතැන් වැඩ කරන්නෙ රෑටද?" මෝටර් රථ හිමියා ඔහුගෙන් ඇසුවේය.

"නෑ.... ගොවිතැන් කරන්ඩ වෙලාවක්‌ කෝ.? මම රෑට මඩ වළ වතුරෙන් පුරවනවා." ගොවියා පිළිතුරු දුන්නේය.