Friday, October 7, 2011
දෝෂය දන්නෙ මමනෙ!
වෛද්‍යවරයෙක් සහ මෝටර් රථ කාර්මික ශිල්පියෙක් මහල් නිවාස පෙළක වාසය කළහ. දිනක් මෝටර් රථ කාර්මික ශිල්පියා රෝගාතුර විය ඔහු වෛද්‍යවරයා හමුවීමට ගියේය.
රෝගියා පරීක්‍ෂා කර බෙහෙත් ලබා දුන් වෛද්‍යවරයා රු. 500 ක් වූ සිය බිල ඉදිරිපත් කළේය.
"රුපියල් 500 ක්...... මේ පොඩි ලෙඩේට?" මෝටර් රථ කාර්මික ශිල්පියා විමතියෙන් මෙන් වෛද්‍යවරයාගෙන් ඇසුවේය.
"ලෙඩේ පොඩි වුණාට ඒක හරි හැටි අඳුර ගත්තෙ මමනෙ." වෛද්‍යවරයා පිළිතුරු දුන්නේය.
ඉන් සතියකට පමණ පසු වෛද්‍යවරයාගේ මෝටර් රථයේ කිසියම් දෝෂයක් හට ගත්තේය.
ඔහු හනික මෝටර් රථ කාර්මිකයා හමුවට ගියේය.මෝටර් රථයේ දෝෂය පරීක්‍ෂා කර බැලූ කාර්මිකයා එය නිසි පරිදි සකස් කර සිය ගාස්‌තුව වශයෙන් රුපියල් 750 ක් අවශ්‍ය බැව් කියා සිටියේය.
විමතියට පත් වෛද්‍යවරයා ඔහුගෙන් මෙසේ ඇසුවේය. "පොඩි නට් එකක් දාන්න ඔච්චර ගාස්‌තුවක්."
"නට් එක පොඩි වුණාට ඒක නිවැරදිව සවි කරන තැන දන්නෙ මමනෙ." මෝටර් රථ කාර්මිකයා ඇඟට පතට නොදැනී කියාගෙන ගියේය