බෑග් එක ඇරගන්න බැහැ!

Friday, October 21, 2011

බෑග් එක ඇරගන්න බැහැ!

ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගියකුට ප්‍රතිකාර ලබාදීම සඳහා වෛද්‍යවරයකු කැඳවනු ලැබිණ.
බෑගයක්‌ද අතැතිව පැමිණි වෛද්‍යවරයා රෝගියා සිටින කාමරයට ඇතුළුවී ඔහුගේ ඇඳ මත වාඩි වූයේය.
මොහොතකට පසු වෛද්‍යවරයා මට මිටියක්‌ ගෙනැවිත් දෙන්නැයි ගෙහිමියාගෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම ගැන ගෙහිමියා මවිතයට පත්වුවද, වෛද්‍යවරයාගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කිරීමට ඔහුට නොහැකි විය.
ඔහු හනික මිටියත් වෛද්‍යවරයා අත තැබුවේය.
තවත් මඳ වේලාවකට පසු මට අඬුවක්‌ දෙන්නැයි වෛද්‍යවරයා ඉල්ලා සිටියේය.
ගෙහිමියා එම ඉල්ලීමද ඉටු කළේය.
ගතවූයේ තවත් විනාඩි දෙකකි. මෙවර වෛද්‍යවරයා ඉල්ලා සිටියේ ඉස්‌කුරුප්පු නියනකි.
"දොස්‌තර මහත්තයා ලෙඩාට මොකක්‌ද කරන්න යන්නෙ? ගෙහිමියා එසේ පවසමින් කාමරය තුළට රිංගුවේය.
"මොකවත් කරන්න නෙවෙයි මට මගෙ මේ බෑග් එක ඇරගන්න බැරිවයි දඟලන්නෙ. වෛද්‍යවරයා කියාගෙන ගියේය.