එලාම් ඔරලෝසුව

Saturday, October 8, 2011

එලාම් ඔරලෝසුව

’ටයිම්පීස් ඔරලෝසුව නොතිබුණා නම් අද මට ඔෆීස් එන්න හොඳටම පරක්කු වෙනවා’ එදින කාර්යාලයේ යතුරු රාජකාරිය භාර වූ සුමිත් කාර්යාලයේ ප්‍රධාන දොර විවෘත කරන තෙක් බලා සිටි ප්‍රියන්තට කීවේය.
’එහෙනං තමුසෙ ඊයෙ කිව්වේ, ටයිම්පීස් ඔරලෝසුව කැඩිලා, ඒක ඉක්මනට හදාගන්ඩ ඕනෙ කියල.’ ප්‍රියන්ත ඇසුවේ සෝපාහාසයෙනි.
’ඒක කැඩිලා තමයි. ඒත් අද උදේ අපේ මායියට තරහා ගිහින්, මං නිදා ඉන්න කොට ඒකෙන් මට දමල ගැහැව්වයින් හොඳට ගියා’ සුමිත් කීවේ තට්ටය අතගාමිනි.