Saturday, October 8, 2011
ඒක කිව්වේ කවුද?
’කිසිම සාධාරණ හේතුවක් නැතුව මාව රස්සාවෙන් අස් කරන්න තීරණය කළේ ඇයි කියල මම දන්නවා. මම නෝනට වඩා තරුණ හින්දා.. මම නෝනට වඩා ලස්සන හින්දා.. එහෙම කියන්නේ මම නෙමෙයි. මෙහෙ වෙන කෙනෙක් මට එහෙම කියලා තියෙනවා.’ තමා හදිසියේම බංගලාවේ මෙහෙකාර රැකියාවෙන් නෙරපා හැරීම පිළිබඳව උරණ වූ ඇලිස් තම ස්වාමි දුව ඉදිරියේ දිගටම කියවාගෙන ගියාය.
’මොනවා... කවුද එහෙම කිව්වේ?’ ස්වාමිදුව කෝපයෙන් විමසුවාය.
’නෝනගෙ මහත්තය...’ ඇලිස් ආඩම්බරයෙන් තෙපළාය.
’එච්චරද උඹට කිව්වේ.’ ස්වාමිදුව ඇසුවේ සෝපහාසයෙනි.
’නෑ එච්චරත් නෙමෙයි. නෝනට වැඩිය හොඳට මම හාදු දෙන්නත් දන්නවලු.’ ඇලිස් කෝල ගතියක් මතු කරමින් පිළිතුරු දුන්නාය.
’මොනවා බොල මහත්තයා එහෙමත් කිව්වාද?’ ස්වාමිදුව ඇසුවේ කෝපයෙන් පිපිරෙමිනි.
’නෑ එහෙම කිව්වේ මහත්තයා නෙමෙයි, ඩ්‍රැයිවර්.’ ඇලිස් කීවාය.